Sri Lanka
ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87ක‌ගේ සිරුරු සොයාගනී
18 | 2026-03-05 04:10 PM
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය IRIS Dena නම් ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේ දි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සොයාගත් සිරුරු 87ම ගොඩබිමට රැගෙන විත් කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි. එමෙන්ම රෝහල්ගත කළ 32 දෙනාගෙන් එක් අයෙකු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තුවාල ලැබූ ඉරාන ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝහල් පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙම නැව මුහුදුබත් විය. නෞකාව අනතුරට පත්වන අවස්ථාවේ එහි 180කට ආසන්න පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ