Sri Lanka
නොරොච්චෝලයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා
18 | 2026-03-05 05:00 PM
නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි එක් කොටසක් මේ වන විට අඩු ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, "නොරොච්චෝලය විදුලි බලාගාරයේ බරපතළ තත්ත්වයක් තියෙනවා එකේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් නතර වෙලා තියෙනවා. ඒ නිසා එක ප්ලාන්ට් එකක් දුවන්නේ අඩු ධාරීතාවයෙන්. ඒ වගේම ධුමාරය වැඩිපුර නිකුත්වෙනවා." යනුවෙනි. මේ අතර බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් නොරොච්චෝලය විදුලි බලාගාරයෙහි එක් කොටසක වැඩකටයුතු නතර කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ වන විට බලාගාරයේ එක් පද්ධතියක චිමිනියෙන් දැඩි ලෙස කළු දුමක් නිකුත් වෙමින් පවතින බවයි. එමෙන්ම එහි ස්ථාපිත කර තිබූ ෆිල්ටර් පද්ධතිය ඉවත් කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, "මේ වේලාව වෙනකොට නොරොච්චොලය බලාගාරයේ එක ප්ලාන්ට් එකක චිමිනියෙන් කළු දුමක් යනවා. ඉතාමත්ම ප්‍රභල ලෙස එම දුම ඒ ප්‍රදේශය වහගෙන තියෙනවා. ඒකට හේතුව තමයි බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී මේ බලාගාරයේ වැඩකටයුතු නතර කරන්න සිදුවුණා එක ප්ලාන්ට් එකක. දැන් මේ චිමිනියේ තියෙන ෆිල්ටර් සිස්ටම් එක අයින් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ දේ නිසා ඒ ප්‍රදේශයේම බරපතළ ලෙස පරිසර හානියක් සිදුවෙලා තියෙනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ