Sri Lanka
අමෙරිකානු ප්‍රහාර හමුවේ මුහුදුබත් වූ නෞකාව ගැන ඉරාන විදෙස් ඇමතිගෙන් ප්‍රකාශයක්
15 | 2026-03-06 07:45 AM
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් Iris Dena නම් නෞකාව ගිල්වා දැමීමේ පුවත මේ වන විට දැඩි ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත්තේ අමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කළේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව බවය. ඉන්දියාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස කලාපයට පැමිණ සිටි නෞකාවකට මෙලෙස පහර දීම සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරියේදී දැඩි ලෙස පසුතැවෙනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ එම නෞකාවේ නාවිකයන් 130 දෙනෙකු පමණක් සිටි බවය. මෙම සිදුවීම කලාපීය ආරක්ෂාව සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ මත පළකර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ