Sri Lanka
ඇමති විජිත සහ ඊශ්‍රායලය විදේශ ඇමති අතර සාකච්ඡාවක්
18 | 2026-03-06 08:00 AM
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තමන් එරට විදේශ අමාත්‍ය Gideon Saar මහතා සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා සිටියේ, එම සාකච්ඡාවේදී මෙරට ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබූ බවය. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවයක් බවත්, ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින 29,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කලාපීය සාමය ඇති කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් අදාළ 'X'සටහනේ දැක්වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ