Sri Lanka
නීතිඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයි
50 | 2025-10-16 03:03 PM
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (16) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර නීතීඥ වන්නිනායක මහතා ඊයේ දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙන බව දැනුම් දුන්නේය. මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය යන මහත්වරු ද එම ඉල්ලීමට එකගතාවය පළ කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ