Sri Lanka
මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්
14 | 2026-03-06 08:51 AM
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 7ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත. Update - 08:46 AM සෞදියේ මධ්‍යම අල්-කර්ජ් ආණ්ඩුකාර ප්‍රදේශයට නැගෙනහිරින් කෲස් මිසයිලයක් බිම හෙළූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ------------------------------------------- Update - 07:05 AM අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ. ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අඟවා ඇත. ------------------------------------------- Update - 06:53 AM ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර සෑම පැයකට වරක් අමෙරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඉරානයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ, සිය රට මේ වනවිට යුද්ධයේ ඊළඟ අදියර වෙත ගමන් කරමින් සිටින බවය. ------------------------------------------- Update - 05:53 AM ඉරානය විසින් බහරේනයේ මනමා අගනුවර හෝටල් දෙකක් සහ නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. එම ප්‍රහාරයෙන් දේපොළ හානි සිදුව තිබුණද ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ බව වාර්තා වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ