Sri Lanka
උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා
26 | 2026-03-06 12:40 PM
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළගේ වේගය ද අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තත්ත්වය තුළ අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත්, වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන් පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. ඊයේ (5) දිනයේ උපරිම වර්ෂාපතනය මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මි.මී 13.8ක්ය. එමෙන්ම අද පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ උපරිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී ඇත. එහි අගය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.1ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ