Sri Lanka
ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්
17 | 2026-03-07 09:10 AM
ඩ්‍රෝන යානා භාවිතා කරමින් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු රැස්කිරීම, ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට පවතින හැකියාව වැළැක්වීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් නිකුත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම්දෙයි. එහි දැක්වෙන්නේ, ඩ්‍රෝන යානා භාවිත කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරිමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්ත්වය වළක්වාලිමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇති බවය. මෙරට තුළ ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදුකළ යුතු වුවද ඇතැම් ආයතනයන් මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම සිදු කරන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පොලීසිය පවසයි. එබැවින් ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අලුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධ දත්ත පවත්වාගෙන යාම සඳහාත් පොලිස්පතිතුමා විසින් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ