Sri Lanka
අපි අකමැති තත්ත්වයක් ඇතුළේ වුණත් යම් යුදමය තත්ත්වයකට රට වැටිලා - සුනිල් වටගල
13 | 2026-03-07 09:20 AM
අප අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ(06) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ. මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලාසිටින්නන් පිරිසක් බවට අප පත්ව ඇති බව ද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම කවුරුන්, කෙලෙස වින්දිතයන් බවට පත් වේද යන්න පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය. පසුගියදා ගාලු මුහුදු සීමාවේදී අනතුරට පත් අයිරිෂ් ඩෙනා නෞකාවේ සිද්ධිය ඊට නිදසුන් සපයන බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, "කරාපිටිය රෝහලට හදිසියේ භාර ගන්නට සිදුවූ වගකීම වැනි වගකීම් කවදා කොහොම කොයි ආකාරයෙන් තව කාට භාරගන්නට සිදුවේදැයි අපිට අනුමාන කිරීමට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් අපේ රටේ ජන ජීවිතයට කළ හැකි බලපෑම අපිට කල්තියා අනුමාන කරන්න බැහැ. සැතපුම් දහස් ගණනක් ඈත තියෙන කරාපිටිය රෝහලත් මේ යුද්ධයේ දී මෘත ශරීරවලින් පිරී යන්න ගතවුණේ දවසයි. ඒ නිසයි අපි සූදානම් විය යුත්තේ. ඒ නිසයි අපි පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුත්තේ. හදිසි නීතිය පැනවීමෙන් අපිට අයන් ඩෝම් එකක් ලැබෙන්නේ නැහැ. හැකි පමණින් සූදානම්වීමට අවස්ථාව සැලසෙනවා"

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ