Sri Lanka
ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට
114 | 2025-10-17 07:15 AM
බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව අද (16) සමත් විය. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම ඔවුන්ය. විසාඛාපට්නම් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 198ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 24.5කදී කිසිවකුත් නොදැවී ලකුණු 202ක් රැස්කර සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගතේය. ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවරියන් වූ අලීෂා හීලි (113) හා ෆෝබි ලිච්ෆීල්ඩ් (84) අගනා ඉනිම් රැස්කළහ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ දක්වා තරග 5කට ක්‍රීඩාකර ඉන් තරග 4ක් ජයගෙන ලකුණු 9ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය පමණක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ