Sri Lanka
මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්
13 | 2026-03-07 11:00 AM
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (07) දින අටක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර මැදපෙරදිග අමෙරිකානු හමුදා මූලස්ථාන පිහිටා ඇති ස්ථානවලට ඉරානය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි. Update |08.20AM | ඉරානයේ මෙහ්රාබාද් ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක් ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙසින් සැලකෙන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එරට වේලාවෙන් අද (7) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය පවසයි. --------------------------------- Update|04.20AM | දකුණු ඉරාකයේ තෙල් පිරිපහදු සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාරයක් දකුණු ඉරාකයේ බස්රාහි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට එල්ල වූ බව කියන ඩ්‍රෝන ප්‍රහාරයකින් අනතුරුව එම ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ. --------------------------------- Update |04.05AM | ඉරාන ජාතිකයන් 1,332ක් මිය ගිහින් පසුගිය සෙනසුරාදා සිට එල්ලවූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 1,332 ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති අමීර් සයීඩ් ඉරාවානි පවසයි. --------------------------------- Update|03.40AM | සෞදි අරාබියට ආරක්ෂාවදීමට සූදානම් බව බ්‍රිතාන්‍යය කියයි අවශ්‍ය වුවහොත් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට එක්සත් රාජධානිය සූදානම් බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි. --------------------------------- Update|12.21AM | ටෙහෙරාන් නගරයේ අසාඩි කුළුණ අසළ පිපිරීමක් ඉරාන ටෙහෙරාන් නගරයේ පිහිටා ඇති 'අසාඩි කුළුණ' අසළ පිපිරීමක් සිදුව ඇත. මෙම කුළුණ එම නගරයේ වඩාත් සුප්‍රසිද්ධ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. එය ජාතික සැමරුම් සහ පෙළපාලි වැනි වැදගත් සිදුවීම් සඳහා පසුබිමක් ලෙස භාවිතා කරයි. කුළුණ මීටර් 50ක් උස වන අතර නගරයේ බටහිර දෙසින්, ගුවන් තොටුපළකට ඉතා ආසන්නව පිහිටා ඇත. --------------------- Update|12.12AM | බ්‍රිතාන්‍ය හෙලිකොප්ටර් යානා සයිප්‍රසයට සයිප්‍රසයේ ආරක්ෂාව තර කිරීමේ අරමුණින්, බ්‍රිතාන්‍යයට අයත් වයිල්ඩ්කැට් හෙලිකොප්ටර් යානා දෙකක් පැමිණ ඇත. ඒ, එරටට එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් පවසා ඇති පසුබිමකය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ