Sri Lanka
ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්
18 | 2026-03-07 12:10 PM
ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙසින් සැලකෙන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එරට වේලාවෙන් අද (7) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය පවසයි. එරට ප්‍රධානම දේශීය ගුවන්තොටුපොළක් ලෙසද මෙහ්රාබාද් ගුවන්තොටුපොළ සැලකෙන අතර, අදාළ ප්‍රහාරය එල්ලවන ගුවන්තොටුපොළේ ගුවන්යානා කිහිපයක්ම තිබූ බව වාර්තා වේ. අදාළ ප්‍රහාරය එල්ලවීමත් සමග විශාල දුම් වළාවක් නිකුත්වී ඇති අතර, ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට නිකුත්වි ඇත. ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරුකර ඇත්තේ, ගුවන්තොටුපොළේ ස්ථාන කිහිපයක්ම සතුරන්ගේ ඉලක්ක වී ඇති බවය. ඊශ්‍රායල විසින් මීට පෙර මාර්තු 4 වනදා ද ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාරයක් දියත්කළ අතර, එහිදී හෙලිකොප්ටර් නිෂ්පාදන අංශය ඇතුළුව ඊශ්‍රායලයට තර්ජනයක් වූ පද්ධති කිහිපයක්ම විනාශ කරනු ලැබ ඇත. කෙසේ නමුත් නවතම ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ කුමන ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇත්ද යන්න තවමත් හෙළි වී නොමැත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ