Sri Lanka
ඉරානයේ තවත් භූමිකම්පාවක්
20 | 2026-03-07 12:40 PM
ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. භූමිකම්පාව බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බව එහි දත්තවල දැක්වේ. ඒ අනුව සතියක් ඇතුළත ඉරානය තුළ සිදුවූ දෙවන භූමිකම්පාව මෙය වේ. පසුගිය අඟහරුවාදා ද ෆාර්ස් පළාතේ ගෙරාෂ් හි රික්ටර් මාපකයේ 4.3ක භූමිකම්පාවක් ඇති විය. එය කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් සිදුවී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ