Sri Lanka
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන හමුදාවෙන් ප්‍රකාශයක්
17 | 2026-03-09 01:50 PM
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී මෙම නෞකාව අනතුරට ලක්විය. පසුගිය මාර්තු 4 වෙනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වූ මෙම නෞකාවේ සිටි 35දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය. පසුව ඔවුන්ව ගාල්ල, කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි. ඒ අනුව තවත් දස දෙනෙකු මේ වනවිටත් රෝහල්ගත ප්‍රතිකාර ගන්නා බව සඳහන්ය. IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84කගේ දේහයන් පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු පසුගියදා ගාල්ල ජාතික රෝහලේදී සිදු කෙරිණි. මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයන්ගෙන් 8දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ