Sri Lanka
වසරේ ගෙවුණු මාස දෙකට රිය අනතුරු 3,600 පනී
15 | 2026-03-09 02:10 PM
වසරේ ගෙවුණු මාස දෙකක කාලය තුළ රිය අනතුරු 3600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ජනවාරි මස පළමු වනදා සිට මාර්තු 2 වනදා දක්වා කාලය තුළ පමණක් අනතුරු 3642ක් වාර්තා වී ඇති බවය. එහිදී මාරක රිය අනතුරු 405ක් සිදුව ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 422ක් බව සඳහන් වේ. බරපතළ අනතුරු 866ක් වාර්තා වී ඇති අතර සුළු තුවාල අනතුරු 1730ක් සහ අලාභ හානි සිදු වූ අනතුරු 641ක් වාර්තා වූ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ