Sri Lanka
බහරේනයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 32දෙනෙකුට තුවාල
16 | 2026-03-09 02:20 PM
බහරේනයේ අගනුවර ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ සියලුම දෙනා බහරේන් වැසියන් වන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූවන් අතර හිසට සහ ඇසට බරපතළ තුවාල සිදු වූ 17 හැවිරිදි දැරියක් ද සිටින බවය. එමෙන්ම එම පිරිස අතර මාස දෙකක් වයසැති බිළිදෙක් ද සිටින බව වාර්තා වේ. එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තුවාල ලැබූ පිරිසෙහි සිටින සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත්, ශල්‍යකර්ම අවශ්‍ය වූ කුඩා දරුවන් ද ඒ අතර සිටින බවත් ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ