Sri Lanka
කුෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
15 | 2026-03-09 02:30 PM
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන ඉන්දියානු ජාතිකයෙකි. ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 762ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ