Sri Lanka
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
18 | 2026-03-09 02:40 PM
'' රැවටුණා නොවේ - උන් අප රැවටුවා '' තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කළ කාන්තා දින සැමරුම් වැඩසටහන ඊයේ (08) උඩරට සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්විණි. පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති විජයදාස රාජපක්ෂ, ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු එම අවස්ථාවට එක්ව සිටියේය. එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ උප සභාපති විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ආසියාවටම කාන්තා නායකත්වය ලබා දුන්නේ අප රටෙන් වන බවත්, එය හුංඩුවක් නොව මහා වටිනා රාජ්‍යයක් වන බවත් ය. එමෙන්ම මෙම අවස්ථාවට එක් වෙමින් එහි ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ ඉදිරියේ දී ගෑස් පමණක් නොව සියලුම භාණ්ඩවල මිල ගණන් ඉහළ යන බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ