Sri Lanka
වගා ළිඳකට වැටීමෙන් දරුවෙකු මරුට
15 | 2026-03-09 02:50 PM
පොල්පිතිගම - කිරිබමුණේගමයාය ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් වන සෙම්බුකුලිය, කැකිරාව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස තිබූ අනාරක්ෂිතව පිහිටි වගා ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොල්පිතිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ