Sri Lanka
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ගැරි කර්ස්ටන් පත් කරයි
13 | 2026-03-10 09:05 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කර්ස්ටන් පත් කර තිබේ. ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇත. මෙම පත්කිරීම ලබන මස 15වෙනිදා සිට බලාත්මක වේ. ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම 2011 වසරේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඔහු එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2008 සිට 2011 දක්වා කටයුතු කළේය. 2011 වසරේ සිට 2013 දක්වා කාලය තුළ ගැරි කස්ටන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2013 වසරේදී ඔවුන් සෑම ක්‍රිකට් ආකෘතියකම ලොව අංක 01 කණ්ඩායම බවට පත්විය. නිමාවට පත් වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමිබියා කණ්ඩායමේ උපදේශකවරයා ලෙස ගැරි කර්ස්න් කටයුතු කළේය. 1993 සිට 2004 දක්වා කාලයේදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු එහිදී එක්දින සහ ටෙස්ට් ලකුණු 14,087ක් රැස්කරගත්තේය. ඊට ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක් ඇතුළත්වේ. ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට මුහුණදීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ