Sri Lanka
හදිසි තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් එකඟතාවයකට පැමිණ නැහැ - ප්‍රංශය
16 | 2026-03-10 09:30 AM
මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම පිළිබඳව G7 රටවල් හදිසි සාකච්ඡා පැවැත්වුවද, උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීම සම්බන්ධයෙන් "තවමත් ස්ථීර තීරණයකට පැමිණ නැති" බව ප්‍රංශ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. G7 මුදල් අමාත්‍යවරුන්ගේ වීඩියෝ සාකච්ඡාවකින් පසු අදහස් දැක්වූ ප්‍රංශ මුදල් අමාත්‍ය රෝලන්ඩ් ලෙස්කුර් පවසා ඇත්තේ, "වෙළෙඳපොළ ස්ථාවර කිරීමට අවශ්‍ය වුවහොත් ඕනෑම ක්‍රියාදාමකට අප එකඟ වී ඇති නමුත්, සංචිත මුදාහැරීම දක්වා තවමත් තීරණය ගෙන නැති" බවය. අමෙරිකාව ඇතුළු රටවල් තුනක් මෙම යෝජනාවට සහාය දී ඇති අතර, යුරෝපා සංගමය පවසන්නේ දැනට යුරෝපය තුළ තෙල් සැපයුමේ ක්ෂණික හිඟයක් නොමැති බවය. ජපානය ද තම දැවැන්ත තෙල් සංචිත මුදාහැරීමට සූදානම් වන ලෙස දේශීය බලධාරීන්ට උපදෙස් දී ඇතත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ. හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා "ආරක්ෂක මෙහෙයුමක්" දියත් කිරීමට ප්‍රංශය සහ මිත්‍ර රටවල් කටයුතු කරමින් සිටින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ