Sri Lanka
මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්
19 | 2026-03-10 09:50 AM
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (10) දින එකළොහක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත. Update | 09.27 AM | යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි - ඉරානයෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවය. ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවය. කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇත්තේ, කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ ඇති බවය. ------------------------------------ Update | 07.07 AM | ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%කින් පමණ පහළ වැටී ඩොලර් 92.50ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ. ----------------------------- Update | 06.47 AM | පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි. පැයක පමණ කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී වර්තමානයේ ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් ය. ----------------------------- Update | 02.18 AM | යුද්ධය කඩිනමින් අවසන් කරන බව ට්‍රම්ප් කියයි මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවය. ----------------------------- Update | 01.05 AM | ලෙබනන් නායකයා සටන් විරාමයක් ඉල්ලයි ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරනු ලබන ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර නතර කරමින් සම්පූර්ණ සටන් විරාමයක් ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. හිස්බුල්ලා සංවිධානය යටතේ ඇති ප්‍රදේශවලට ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව එල්ල කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ