Sri Lanka
දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට මරු කැඳවයි
17 | 2026-03-10 10:15 AM
කයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙර ඇති වූ ආරවුලක් මත තවත් පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ