Sri Lanka
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ
15 | 2026-03-10 10:20 AM
ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදුනොවන බවය. මේ හේතුවෙන් පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් පැවසීය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ