Sri Lanka
යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් අමෙරිකාව නොවේ - ට්‍රම්ප්ට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්
20 | 2026-03-10 10:25 AM
යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවය. ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවය. නව දැඩි මතධාරී උත්තරීතර නායකයෙකු තෝරා ගත් ඉස්ලාමීය ජනරජය විසින් ගෝලීය තෙල් සැපයුම් කඩාකප්පල් කළහොත් සටන් උත්සන්න වීමේ හැකියාව පිළිබඳවද ට්‍රම්ප් එහිදී අනතුරු අඟවා තිබුණි. කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ තමන් බව ඉරානය මෙලෙස පවසා ඇත. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇත්තේ, කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ ඇති බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ