Sri Lanka
ලොකු පැටී ගේ මුදල් පාලනය කළ කපු මහතෙකු අත්අඩංගුවට
48 | 2025-10-18 10:44 AM
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 'ලොකු පැටී' නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන නිලධාරීන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවය. ලොකු පැටී සමග ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත. ඔහු විසින් ලොකු පැටීගේ කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය පැවසීය. සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ