Sri Lanka
පාසල් වෑන් සහ බස් ගාස්තු අද සිට 5%කින් ඉහළට
17 | 2026-03-10 10:45 AM
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුව ද රටේ පැවති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බවය. නමුත් මෙවර රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අනෙක් සංගම් සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවද සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බවද ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා, ''නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්.. අප ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5% කින් ගාස්තු වැඩි කිරීමට.. ඒ අනුව පාසල් දරුවෙකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500කින් ගාස්තුව වැඩි වෙනවා... රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ යෑම ‍ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපිට දැඩි ලෙස දැනෙනවා... අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණය ගන්න සිද්ධ වුණා.. අනෙකුත් සංගම් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ තීරණය ගත්තේ''

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ