Sri Lanka
අස්වැසුම මාර්තු මස දීමනාව අද ගිණුම්වලට
14 | 2026-03-12 09:25 AM
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අද (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පවුල් 1,408,635ක් වෙත අදාළ මුදල් බෙදා දීමට නියමිතව ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. එහිදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 11,179,801,250.00 අධික මුදලක් බැර කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඊට අමතරව අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ද රුපියල් 2,350,530,000.00 අධික මුදලක් අද දිනයේ බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ