Sri Lanka
ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි
24 | 2025-10-18 11:23 AM
ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ. එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද දෙරණ වෙනුවෙන් නිව්යෝක් නුවර රැඳී සිටින ඉන්දීවරි අමුවත්ත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා ''අපි පියවරක් පිටුපසට බැලුවොත් ආර්ථික අර්බුදකාරී වාතාවරණයෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාවට නැංවුවා. ඉතා ශක්තිමත් වර්ධනයක් එහි ප්‍රතිලාභ විදිහට දැන් හිමිව තිබෙනවා. පසුගිය වසරේ 5%ක වර්ධනයක්. මේ වසරේ එය 4.2%ක් වෙයි කියලා අපි ඇස්තමේන්තු කරලා තියෙනවා. ලබන වසරේ එය 3%ක් බවට පත්වීමේ විභවයක් පවතිනවා. මේ මොහොත් ලබාදිය හැකි ප්‍රමුඛම අවවාදය වෙන්නේ වඩා වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට මේ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යාම වැදගත්. එවිට වර්ධනය පැමිණේවි. ඒ වගේම එය දිගින් දිගටම සිදුවෙයි. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට වැදගත් වෙන්නේ මොකක්ද කියලා කිව්වොත්,අයවැයේ ඇතිවිය හැකි අවදානම් අවම කිරීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව ප්‍රධාන භූමිකාවක් වෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්ගේ ශක්‍යතාව පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. මේ ප්‍රතිලාභවල දිගුකල් පැවැත්මට එය අතිශය වැදගත්''

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ