Sri Lanka
'ෆෙන්ෂෙන්ග්' නිසා පිලිපීන ජනතාව පීඩාවට
78 | 2025-10-18 06:18 PM
“ෆෙන්ෂෙන්ග්“ කුණාටුවේ බලපෑම හේතුවෙන් පැසිෆික් වෙරළ ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් යුතුව ෆෙන්ෂෙන්ග් කුණාටුව වෙරළබඩ ප්‍රදේශයට බලපෑ හැකි බව එරට කාලගුණ අංශ පෙන්වා දී ඇත. එහි බලපෑම පළමුව කැටන්ඩුආස් දූපතට බලපා හැකි බව ද සඳහන් වේ. මේ හේතුවෙන් 270,000ක් පමණ ජනතාවක් වෙසෙන එම දූපතෙන් මේ වන විට පුද්ගලයින් 9,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් තිබේ. ඇල්බේ පළාතේ වෙසෙන පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසක් ද කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ