Sri Lanka
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
39 | 2026-03-12 10:35 AM
ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව තමන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවය. "මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?" යනුවෙන් ඔහු එහිදී ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව තම ජෙනරාල්වරයෙකු තමන්ට පැවසූ බවත්, ඔහු එය හැඳින්වූයේ "සර්, එය වඩාත් විනෝදජනකයි" යනුවෙන් බවත් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුගිය සතියේ ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් මෙම ඉරාන නාවික හමුදාවට අයත් Frigate වර්ගයේ IRIS Dena නෞකාව ගිල්වා දමන ලදී. මෙම ප්‍රහාරයෙන් නාවියන් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලැබීය. මේ අතර, ඉරානයට සිදුකරන පහරදීම් තවමත් අවසන් කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඉතිහාසයේ ඕනෑම රටකට පහරදුන් ප්‍රමාණයට වඩා දරුණු ලෙස අමෙරිකාව ඉරානයට පහරදී ඇති බවය. ධවල මන්දිරය ඉදිරිපිට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්, අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ඉරානයට මේ වන විට ඔවුන්ගේ නාවික හමුදාව, ගුවන් හමුදාව, ගුවන් යානා නාශක උපකරණ, රේඩාර් පද්ධති සියල්ල අහිමි වී ඇති අතර ඔවුන්ගේ නායකයින් ද අහිමි වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ