Sri Lanka
මැදපෙරදිග යුද්ධය ගැන රුසියාව UN ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
43 | 2026-03-12 10:40 AM
මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ. මේ අතර ගල්ෆ් රටවලට ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ඡන්ද 13ක් ලැබී තිබේ. අදාළ යෝජනාව රටවල් 135 සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබූ අතර චීනය සහ රුසියාව අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව වාර්තා වේ. ඉරානය විසින් ජෝර්දානය ඇතුළු ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර සහ තර්ජන නතර කරන ලෙස අදාළ යෝජනාව මඟින් ඉල්ලීමක් කර තිබේ. කෙසේවෙතත් අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් එම යෝජනාවේ කිසිදු සටහනක් දක්වා නොමැති බව වාර්තා වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ