Sri Lanka
ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙයි
43 | 2025-10-22 07:50 AM
රී ලංකා රජය සහ බෙලීස් රජය අද (21) සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ. ඊට අදාළ ගිවිසුමට නිව්යෝර්ක් නුවරදී අත්සන් තැබුණි. ඒ, තානාපති සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතා සහ තානාපති සහ එක්සත් ජාතීන්ගේ බෙලීස් නිත්‍ය නියෝජිත ජැනින් කොයි-ෆෙල්සන් මහත්මිය අතරය. ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම, දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කරගත් දේශපාලන, සමාජ-ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව වැඩිදියුණු කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ