Sri Lanka
රටේ අනාගතය ගැන කියන හිටපු ජනපති මහින්ද
52 | 2026-03-12 04:12 PM
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, තිස්සමහාරාම - අකුරුගොඩ සිරි මංගලාරාමය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ප්‍රශ්නය - වත්මන් රජය සම්බුද්ධ සාසනයට දක්වන සේවය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.? පිළිතුර - මොනවා හරි සේවයක් කරනවා ද.? ප්‍රශ්නය - සම්බුද්ධ සාසනයට දෙවැනිකොට සලකන තත්ත්වයක් තියෙනවා. ඔබතුමාගේ කාලයේදී කොහොමද සැලැකුවේ.? පිළිතුර - ඉහළින්ම තියලා. දැන් එහෙම කරනවා ද කියන එකත් ප්‍රශ්නයක්. ප්‍රශ්නය - ඔබතුමාගේ කාලයේ හිටිය බුද්ධි අංශ නිලධාරියෙක් අමානුෂික ලෙස සිරගත කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.? පිළිතුර - ඔහු කළ සේවය අගයන්න ඕනේ මිස හිර කරන්න නෙවෙයි තියෙන්නේ. හිර කරන කාලයක් නෙවෙයි මේක. ප්‍රශ්නය - මේ වනවිට ජාත්‍යන්තර යුද්ධයක් පැවැත්වෙනවා. තව ටික කාලයක් මේ යුද්ධ පැවැතුණහොත් රටේ අනාගතයට මොකක් වෙයි කියලා ද හිතන්නේ.? පිළිතුර - ගැටලුවක් ඇති වෙනවානේ. රටට, රටේ අනාගතයට ගැටලුවක් ඇති වෙනවා. ප්‍රශ්නය - රටේ දැන් තත්ත්වය ගැන මොකද හිතන්නේ.? පිළිතුර - කරන එක ගැන නම් කියන්න දෙයක් නැහැනේ. මට වඩා හොඳට ජනතාව දන්නවා.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ