Sri Lanka
කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04ක ගබඩාවක් වටලයි
37 | 2025-10-25 08:01 AM
කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ. එහිදී බඩ ඉරිඟු කිලෝ 27,142ක්, සෝයා ඇට කිලෝ 9,193ක් සහල් කිලෝ 3,620ක් සහ මුං ඇට කිලෝ 2,320ක් රඳවා තබා සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. එහිදී එම සාම්පල කෘමි හානි සිදුව ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ගබඩා හිමිකරු කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. එහිදී කුරුණැගල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ගබඩා හිමිකරුට රුපියල් 50,000ක දඩයක් නියම කළ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 42,275ක් වූ ධාන්‍ය තොග විනාශ කිරීමටද නියෝග කර ඇත. ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතාගේ මග පෙන්වීමෙන් හිරිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුශ්ක රත්නායක සමග චන්දිම හේරත් මදුශාන් වර්ණකුලසූරිය යන මහජන සෞඛ්‍ය පරීක්ශකවරු විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ