Sri Lanka
අද කාලගුණය
14 | 2025-10-29 09:09 AM
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ දරුණු සුළි කුණාටුවක් වන "මොන්තා" දරුණු සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී (28 ) ආන්ද්‍ර ප්‍රදේශ් සහ යනාන් වෙරළ තීරයන් හරහා ගමන් කර ගොඩබිමට ඇතුළු වී ඇත. ඉදිරි පැය 24 තුල දිවයිනට උතුරු දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. පුත්තලම සිට කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. සුළං බස්නාහිර දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා ඉහළ යා හැකියි. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 55-60ක් පමණ දක්වා ඉහළ යා හැකියි. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු හෝ රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ