Sri Lanka
බද්දේගම උපසභාපතිට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්
40 | 2025-10-29 09:14 AM
බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ. සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇති බව සඳහන්ය. අනතුරුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට පසුගිය 24 වනදා අදාළ සැකකරු විසින් පහරදී ඇති බවට පැවසෙන අතර පහරකෑමෙන් තුවාල ලැබු උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබාගෙන ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ