Sri Lanka
ඓතිහාසික හමුවකට දකුණු කොරියාව සූදානමින්
62 | 2025-10-29 08:25 PM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව හෙට දිනයේ සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම හමුව දකුණු කොරියාවේ බුසාන්හිදී පැවැත්වීමට නියමිතය. අමෙරිකානු සහ චීන නායකයන් අතර හමුවක් මෙම මස අගදී සැලසුම් කර ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මීට පෙර පැවති සාකච්චාවකදී පවසා තිබිණි. අමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන්ගේ මෙම හමුව සම්බන්ධයෙන් චීන විදේශ මණ්ඩලයේ ප්‍රකාශකයෙකු විසින් අද (29) තහවුරු කර ඇති අතර ඔවුන් සඳහන් කළේ අමෙරිකානු - චීන සම්බන්ධතා සහ වත්මන් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බවය. 2019 වසරින් පසු අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ