Sri Lanka
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අත්වැල් බැඳගන්න චීනය සූදානම්
48 | 2025-10-29 08:41 PM
ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අත්වැල් බැඳගත් ශක්තිමත් ගමනක් සඳහා චීනය සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග් හොන්ග් මහතා පවසයි. කොළඹදී ඊයේ (28) පැවති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. චීනය සහ ලෝකය - සමෘද්ධිමත් අනාගතයක් සඳහා වූ චීන - ශ්‍රී ලංකා සංවාදය කොළඹ මරීනෝ බීච් හෝටලයේදී ඊයේ පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග් හොන්ග් මහතා, "චීනයේ ඉදිරි වසර 5ක සංවර්ධනය ශ්‍රී ලංකාවටත් නව මාවත් විවර කර දෙනවා. අපි ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව වැඩ කරන්න සූදානම්. එමගින් ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් මනාව ක්‍රියාවට නැංවේවි. නව මානයන් තුළින් නව සහයෝගීතා පියවර තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය වර්ධනය වේගවත් කරන්න අපිට පුළුවන්." එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසා සිටියේ, "නවෝත්පාදන ශ්‍රී ලංකාවට ඉදිරි මඟ හෙළිපෙහෙළි කරාවි. නමුත් අපිට යම් බාධා පවතිනවා. අපේ ආර්ථික අපහසුතා මඟහැරවාගත් විගසම අපි ප්‍රමුඛතාව ලබාදුන්නා ඩිජිටල්කරණයට සහ නවෝත්පාදනවලට.අපිට මේ සඳහා ලොව අනෙක් රටවලින් සහයෝගය අවශ්‍යයි.අපි දන්නවා මෙහි වැදගත්කහම." යනුවෙනි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ