Sri Lanka
දකුණු අප්‍රිකාවෙන් එංගලන්තයට වාර්තාගත ඉලක්කයක්
74 | 2025-10-29 08:42 PM
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කිරීමට සමත් විය. මෙය වසර 52ක එක්දින කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. 2022 අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබාගත් 356 එහි වාර්තා වේ. දකුණු අප්‍රිකානු නායිකා මෙන්ම ආරම්භක පිතිකාරිනී ලෝරා වොල්වාඩ් පන්දු 143කට මුහුණදෙමින් ලකුණු 169ක් රැස්කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ