Sri Lanka
චීනයේ වැල් පාලමක් කඩා වැටී පස් දෙනෙකු මරුට
121 | 2025-08-11 11:00 AM
වයඹදිග චීනයේ ෂින්ජියැං පළාතේ එල්ලෙන පාලමක කේබලයක් කැඩී යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. එහිදි තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෂින්ජියැං හි චීනයේ දර්ශනීය සංචාරක කේන්ද්‍රස්තානයක් වන ෂියාටා ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇත. පාලමේ කේබලය කැඩීයාමත් සමඟ පාලම එක් පැත්තකට ඇලවී ගොස් ඇති අතර එම අවස්ථාවේ සංචාරකයින් පිරිසක් එහි එල්ලී සිටින ආකාරය විඩියෝ දර්ශනවල පටිගත වී තිබුණි. අනතුරත් සමඟ අදාල සංචාරක ප්‍රදේශය තාවකාලිකව වසා දමා දැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ