Sri Lanka
මෙලිසා කැරිබියානු දූපත් වනසයි
108 | 2025-10-30 11:30 AM
'මෙලිසා' සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි. මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ‍මෙලිසා සුළි කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස එරටින් හතරෙන් තුනකට විදුලිය නොමැත. මේ වනවිට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ