Sri Lanka
“රාජ්‍ය ආයතන ආදරණීය ආයතන බවට පත් කරමු” — අමාත්‍ය ලාල්කාන්ත
21 | 2025-11-01 09:26 PM
රටේ ජනතාව ජීවත් වන්නේ දැඩි පීඩනයක බවත් ගැටළු විසඳීමේ දී රාජ්‍ය නිලධාරීන් සමඟ රණ්ඩු කිරීමෙන් ඒවා විසඳන්නට නොහැකි බව කෘෂික ර් ම පශු සම්පත්, ඉඩම් සහ වාරි මා ර් ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. දේශපාලන පරිවර්තනයක් සිද්ධ වූ විට ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. අප ආණ්ඩුවක් විදිහට ආවේ ජනතා අරගලයක ප්‍රතිඵලයක් විදිහට. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වන ඒ වෙනස අපේ කා ර් ය මණ්ඩලය තුළින්ම ආරම්භ විය යුතු බව ද ඒ මහතා කීය. කොළඹ ඉඩම් අමාත්‍යාංශයේ දී පැවති වැඩ සටහනකට එක් වෙමින් ඒ මහතා මෙසේ ද කීය. රාජ්‍ය සේවයට ලොකු ගෞරවයක් තිබුණා. ඒ ගෞරවය 2022 දී අහිමි වුණා නම්, එය නැවත ගොඩනැගීම අපේ වගකීමයි. රාජ්‍ය නිලධාරීන් ජනතාවට ආදරණීය සහ විශ්වාසදායක සේවයක් බවට රාජ්‍ය සේවය පත් කළ යුතුයි. අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ආදරණීය ආයතන බවට කරක්කට පියවර ගන්න. ජනතාවගේ ගැටළු විසඳීමේ දී රාජ්‍ය නිලධාරීන් හා ජනතාව අතර අන්තර් සහයෝගයක් ඇතිව සිදු විය යුතු යි. දේශපාලන පරිවර්තනයක් වෙන කොට රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව ආවේ ජනතා අරගලයක ප්‍රතිඵලයත් විදිහට. ජනතාව දේශපාලන පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට රාජ්‍ය සේවය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා රටේ ජනතාවට. අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ගැලවුම්කාරයාය කියන, සතුටු හි‍තෙන ආයතන විදිහට අපි මේ ආයතන ගොඩනඟමු. රාජ්‍ය සේවයට ලොකු ගෞරවයක් තිබුණා අපි පොඩි කාලේ. 2022 අරගල සමය එන කොට ඒ ගෞරවය නැති වෙලා තිබුණා. ඒ නිසා අපි රාජ්‍ය සේවකයා කියන කෙනා ගෞරව සම්පන්න පිළිගැනීමක් තියෙන කෙනෙක් බවට පත්කරමු. නිලධාරීන් හම්බ වෙන්න ගියාම අපේ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ආදරණීය ආයතන බවට පත් කරමු. වැව් සම්පූර්ණයෙන් විනාශ වෙනකන් කොහොමද හිටියේ කියලා හිතෙනවා. පොඩි තැනකින් ඉවර කර ගන්න පුළුවන් දේ විශාල වෙනකන් ඉන්නේ නැතුව කරලා ඉවර කරමු. <div><br></div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ