Sri Lanka
ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට
51 | 2025-11-05 08:04 PM
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 - 40 අතර වියේ පසුවන පිරිසක්ය. අත්අඩංගුවට පත්වූවන් අතර සැකකරුවන්ට මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා ද වන බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ දී මත්ද්‍රව්‍ය භාවිතාකර සිට ඇති අතර, ඔවුන් සන්තකයේ කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු වශයෙන් තිබී ඇත. පානදුර උතුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ