Sri Lanka
වසර 17කට පසු නවසීලන්තයේ දී කොදෙව්වන්ට විස්සයි20 ජයක්
100 | 2025-11-05 08:06 PM
නවසීලන්ත කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී අද (5) පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 164/6ක් රැස්කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 20 තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157/9ක් පමණි. අද ලැබූ ජයත් සමග තරග 5කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව්වන්ට හැකිවිය. මෙය වසර 17කට පසු නවසීලන්තයේ දී කොදෙව්වෝ ලැබූ පළමු ජය ලෙස වාර්තා අතරට එක්විය. මීට පෙර ඔවුන් 2008 වසරේ දී නවසීලන්තය සුපිරි පන්දුවාරයේ දී පරාජය කර තිබුණි. ඒ අනුව කොදෙව්වෝ අද ලැබූ ජය සැලකෙන්නේ නවසීලන්තයේ දී ඔවුන් ලැබූ පළමු ජය (නිසිලෙස අවසන් වූ තරගයක් ලෙස) ලෙසය. මෙය නවසීලන්තයට එරෙහිව කොදෙව්වෝ ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ අඛණ්ඩව ලැබූ තෙවන ජයග්‍රහණය ද වේ. බ.ඉ. කොදෙව් 164/6 (පන්දුවාර 20) ශේ හෝප් 53 (39), රොව්මන් පවෙල් 33 (23), රොස්ටන් චේස් 28 (27), ජේකොබ් ඩෆි 2/19 (4), සැක් ෆෝල්ක්ස් 2/35 (4) නවසීලන්තය 157/9 (පන්දුවාර 20) මිචෙල් සැන්ට්නර් නොදැවී 55 (28), ටිම් රොබින්සන් 27 (21), රචින් රවින්ද්‍ර 21 (19), රොස්ටන් චේස් 3/26 (4), ජේඩ්න් සීල්ස් 3/32 (4)

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ