Sri Lanka
සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී
46 | 2025-11-06 11:15 PM
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. ඒ අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 5 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,923,502කි. ඒ අතරින් සංචාරකයින් 431,235ක් ඉන්දියාවෙන්, 177,167ක් එක්සත් රාජධානියෙන්, 138,061ක් රුසියාවෙන්, 119,415ක් ජර්මනියෙන් සහ 113,619ක් චීනයෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. නොවැම්බර් මාසයේ 01 වනදා සිට 05 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 32,815කි. ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 සීමාව ඉක්මවා ඇත්තේ අවස්ථා 4කදීය. එනම් 2016, 2017, 2018 හා 2024 යන වර්ෂයන්හිදීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ