Sri Lanka
දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන
65 | 2025-11-07 11:10 PM
තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පලා යාමෙන් පසු සිව් හැවිරිදි දියණිය ද ඝාතනය කර පියා ද සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. අදාළ කාන්තාව නිවසින් පිටව යාමට පෙර සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමාට ඔහු සමග ජීවත් විය නොහැකි බවත් දික්කසාද වීමට අවශ්‍ය බවත් ය. කෙසේ වෙතත් සැමියා විසින් බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර පොලීසියට ගොස් නිවසට පැමිණෙන අතරතුර මෙසේ සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. ඔහු සිය දියණිය අවන්හලකට රැගෙන ගොස් ඇය ප්‍රිය කරන ආහාර ද ඇයට රැගෙන දී ඇති අතර ඇය එම ආහාර අනුභව කිරීමෙන් පසුව වාහනය තුළදීම ගෙල සිර කර මරා දමා ඇති බව එරට පොලීසිය සඳහන් කර සිටී. පසුව ඔහු ද ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දියණියගේ සිරුර පාරෙහි අතහැර දමා ගිය මෝටර් රථය තුළ තිබී හමු වූ බවත් පියාගේ සිරුර අසල ගසක එල්ලී සිටියදී සොයා ගෙන ඇති බවත් ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ