Sri Lanka
2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදක්වයි
149 | 2025-11-26 12:32 AM
කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද (25) එළිදක්වනු ලැබීය. ඒ ඉන්දියාවේ මුම්බායි හිදිය. තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 8 වැනිදා පැවැත්වීමට නියමිතය. 10වැනි ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ. තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර කාණ්ඩ 4ක් ඔස්සේ ඔවුන් තරගබිමට පිවිසිමට නියමිතය. ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කඳි සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකාව මෙවර තරග බිමට පිවිසෙන්නේ B කාණ්ඩයෙන් වන අතර ඉන්දියාව A කාණ්ඩායෙන් තරග බිමට පිවිසෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ