Sri Lanka
පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට
51 | 2025-11-28 06:15 PM
නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බිරිඳ, නැන්දම්මා සහ මාස තුනක බිලිඳෙකු බව නාවලපිටිය පොලීසිය පැවසීය. නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරාගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ වී ඇති බව වැඩිදුර සඳහන් වෙයි. මිය ගිය අයගේ මළ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත. අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කඳවුරු කරා යොමු කළ බව නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පවසා තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ