Sri Lanka
''ආපදා ප්‍රදේශවල සිටින විශ්වවිද්‍යාල නේවාසික සිසුන් සුරක්ෂිතයි''
30 | 2025-11-28 09:33 PM
ආපදාවට ලක්ව ඇති පුලතිසිපුර සහ මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකව රැඳී සිටින ගුරු සිසුන් සහ නැගෙනහිර, අග්නිදිග, ඌව වෙල්ලස්ස සහ පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවල නේවාසිකව රැඳි සිටින සියලු සිසුන් සුරක්ෂිතව සිටින බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් ප්‍රකාශ කළේය. එම සිසු සිසුවියන්ට ආහාරපාන ආදිය ලබා දීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුවන බවත් ඒ පිළිබඳ දෙමාපියන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එහිදී ඔහු සඳහන් කර සිටියේ විදුලි බලය බිඳ වැටීම් මත සන්නිවේදන පහසුකම් තවදුරටත් අඩාල වී ඇති බවය. මේ වන විට රට තුළ පවතින ස්වාභාවික ව්‍යසනය හමුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක සිටිමින් එය සාර්ථකව කළමනාකරණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ වන විට රට පුරා සිදු වී ඇති ව්‍යසන තත්ත්වය හමුවේ පෙර දැනුම් දුන් පරිදි අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්විය නොහැකි බවය. පාසල් ආරම්භ කරන දිනය ද දෙසැම්බර් 16 ලෙස සංශෝධනය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ